විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට තල්අඩි යුධ හමුදා කදවුරේ බුද්ධි අංශ නිළධාරින්ගෙන් ලද තොරතුරකට අනුව දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී.එස්. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.06 වන දින පැය 1215 ට මන්නාරම පොලිස් වසමේ තාරපුරම්, සීසයිඩ් සිටි ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 15 ක් සන්තකයේ තබාගෙන සිටි එරුක්කලමිපිඩිඩි, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



