විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.07 වන දින පැය 2030 හා 2120 ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350, අයිස් මත් ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් රුපියල් 15,180 මුදලක් සහ කේරළ ගංජා ග්‍රෑම් 32 ක් සන්තකයේ තබාගෙන සිටි ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 හා 40 පසුවන වන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



