ඩොලරයේ සිදුවුණු වෙනසත් සමඟ ඖෂධවල මිල ගණන් ඊට සමානුපාතිකව පවත්වාගෙන යා යුතු බවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ අනුව ඖෂධවල මිල ගණන්වල වෙනසක් සිදුකිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊට අදාළ කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පැරසිටමෝල් හිඟය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සඳහන් කළ අතර ඔහු එහිදී කියා සිටියේ වෙළෙඳපොළ තුළ පැරසිටමෝල් හිඟයක් නොමැති බවයි.
යම් වෙළෙඳ නාමයන් සහිත සමාගම් කිහිපයක් විසින් පැරසිටමෝල් නිකුත් කිරීම සීමා කර ඇති බවත්, එම වෙළෙඳ නාමයන් යටතේ පැරසිටමෝල් ලබාගත් අයට හිඟයක් ඇතිව තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි.



