අද විදුලි කප්පාදුව සිදුකරන ආකාරය

Share

අද (10) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වු කාලය තුළ පැයක පමණක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News