රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත්වල හිඟය හේතුවෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවක් පැනනැගී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව එයට පිළියමක් ලෙස රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.




