රුපියල් ලක්ෂ දෙකකට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේයි.
විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.09 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකිර්ණයේ අංක 01C/F06/U05/ ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී පැය 1530 ට හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51, මි.ග්රෑ. 300 සහ ජංගම දුරකථනයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගනු ලබන ඩිජිටල් තරාදියක් සමග කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 50 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



