ගෑස් ආශ්රිත පිපිරීම් සහ ගිනිගැනීම්වලින් හානි සිදුවූ පාර්ශ්ව වෙත කඩිනමින් වන්දි ගෙවන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.
මානව හිමිකම් කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ගෑස් ආශ්රිත අනතුරු පදනම් කරගෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන හානි පිළිබඳ තොරතුරුවලට අදාළ පාර්ශවයන් වෙත වන්දි ගෙවීම සඳහා කඩිනමින් මැදිහත් වියයුතු බවයි ලිට්රෝ සමාගමට මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබෙන්නේ.



