ඉන්දියාවෙන් මෙරටට ඩොලර් මිලියන 500 ක ණය මුදලක්

Share

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ණය මුදල මඟින් ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට නියමිතයි.

මෙහි දී ණය පහසුකමෙන් සියයට 75ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියාව පවතින බවයි එහි සඳහන් වන්නේ.

Read more

Local News