ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර තම රාජකාරි වාහන සහ නිල නිවාසය අද (14) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී ඇත.
නමුත් තවමත් ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් වී නැත.
උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන හිටපු ආමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් තමන් අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී නොවන බවයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේ.



