ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හෝමයෝන් අලියාරි මහතා (Colonel Homayoun Aliyari) (2022 මාර්තු 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක හෝමයෝන් අලියාරි මහතා නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිළ හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.



