ජලය සැපයෙන නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්රදේශය, රත්මලාන, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්රදේශවලට යි.



