ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 10.00 සිට සවස 04.00 දක්වා වේලාව තුළ පැයයි විනාඩි 30 ක කාලයක් සහ සවස 4.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.
මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.




