යල කන්නයේදී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාදෙන බවත් අනියත බියක් ඇති නොකරගෙන වගාවේ නියැලෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
අමාත්‍යවරයා මෙලෙස ඉල්ලා සිටියේ, අද (21) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී පොහොර බෙදාදීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
යල කන්නයට මේ වන විට ගොවීන් සූදානම් වන බවත් නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපු දිස්ත්‍රික්කවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල ගොවීන් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින බැවින් යල කන්නය වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර, පළිබෝධනාශක, දිලීර නාශක ආදී සියල්ල වෙළදපොළ හිඟයකින් තොරව ලබාදීම රජයේ මූලික වගකීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය.



