බලශක්ති ඇමතිගේ ආරක්ෂක රථයේ රියදුරු ඝාතනය කෙරේ

Share

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරුව පොලු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කැස්බෑව, මාවිත්තර, ගම්මාන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා එම ප්‍රදේශයේ තරුණයෙකුට යම්කිසි අවවාදයක් සිදු කර ඇති අතර එයට උරණ වූ අදාළ තරුණයා තවත් පිරිසක් සමඟ ආයුද රැගෙන පැමිණ මෙම පහරදීම සිදුකර ඇත.

Read more

Local News