සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්

Share

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබා දෙයි.

ඒ අනුව 2019 අප්‍රේල් 01 වෙනි දින සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා මාස 32 කාලයකට අධිකාරියට ගෙවිය යුතු හිග සංචාරක බදු මුදල් ගෙවිම සදහා දඩ මුදල් රහිතව වසර 02 ක සහන කාලයක් ලබාදීමට කටයුුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

2019 පාස්කු ප්‍රහාරය හා 2019 අග භාගයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාාපාරය පත් වු දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද එය සම්පුර්ණයෙන් ම යථාතත්ත්වයට පත්වීම සදහා ගත විය හැකි කාලය ද සැලකිල්ලට ගෙන මෙම සහන කාලය ලබාදීමට කටයුතු කළ බව ද ඇමතිවරයා කියයි.

මීට පෙර සංචාරක සංවර්ධන බද්ද අය කිරිම සදහා ලබා දි තිබු සහන කාලය ඉකුත් වි ඇති බැවින් ඒ වෙනුවට නව සැලැස්මක් හදුන්වා දෙන ලෙස සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් දිගින් දිගටම කළ ඉල්ලීම සළකා බලා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව ද ඇමතිවරයා පවසයි.

Read more

Local News