ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක්

Share

ලබන හය වනදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහයක් ලබා දෙන්නේ නැති බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති හමුවකදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී ලබන හය වනදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහයක් ලබා දෙන්නේ නැති බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළා.

තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්න බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

Read more

Local News