ඉන්ධන නැති නිසා දෙහිවල රත්වෙයි

දින ගණනාවක සිට ප්‍රමාණවත් ඉන්ධන පිරවුම්හල් වෙත නොලැබීම නිසා කිලෝමීටර් ගණන් දිගු පෝලිම් රටපුරා දක්නට ලැබෙනවා.

ඊයේ පොහෝ දිනය නිසා ඉන්ධන නිකුත් කිරීමක් සිදුවුණේ නැහැ.

අද දවසේද ඉතා සීමා සහිත ලෙසයි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ.

පැය ගණන් දින ගණන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටි ජනතාව අතර මේ වන විට උණුසුම්කාරී සහ ගැටුම්කාරී තත්වයන්ද වාර්තා වනවා.

අද පෙරවරුවේ ගාලුපාර දෙහිවලින් මුළුමනින්ම වසා දමා තිබූ අතර හමුදා සහ පොලීසියද ආරක්ෂාවට කැඳවීමට සිදුවුණා.

Previous articleඅපි දැන් අමාරුම කාලෙට ඇවිල්ලා – අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි
Next articleචීනයෙන් පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලබන 25 වනදා ශ්‍රී ලංකාවට