අද ඉන්ධන අවසන් ඉලක්කම 3, 4, 5 වාහන සඳහා

Share

දිවයින පුරා සියලු පිරවුම්හල් හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද (24) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරනවා.

රජය විසින් හදුන්වාදුන් QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ලබාදීම හෙට දිනයේ(25) සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News