කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළට

Share

මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ යමින් තිබෙනවා.

බී ඒ 5 කොවිඩ් උප ප්‍රභේදය පැතිර යාම හමුවේ මෙලෙස දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව එකසිය 184ක්.

මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද හයලක්ෂ හැට හයදහස් හත්සිය හැට හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

කොවිඩ් ආසාදිත තවත් මරණ තුනක්ද, ඊයේ තහවුරු වුණා.

අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද, දහසය දහස් පන්සිය අසූ හය දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read more

Local News