ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

Share

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින එම කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා දී තිබෙනවා. ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර පත්කර තිබෙනවා.

වැඩබලන මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහයි.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත්කර තිබෙනවා. වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පත් කර ඇති අතර, වැඩබලන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පත්කර තිබෙනවා.

Read more

Local News