මන්දපෝෂණය හැදුනු මන්දපෝෂණ කතා

Share

යුනිසෙෆ් ආයතනය ලංකාවේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන බව ප්‍රකාශ කළා. ලෝකයෙන්ම හය වන ස්ථානයේත්, ආසියාවේ දෙවන ස්ථානයේත්, ශ්‍රී ලංකාව පසුවන බවයි, යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කළේ.

මේ අතරවාරයේ රටේ විවිධ ප්‍රදේශවලින් ආහාර නැති දරුවන් පිළිබඳවත් තොරතුරු වාර්තා වන්නට පටන් ගත්තා. ඒ අතර සූරියවැව දරුවන් පිළිබඳවත්, පොල් මද කෑ දරුවන් පිළිබඳවත්, ගම්පහ සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් වාර්තා වුණා.

රජයේ පාර්ශවයෙන් විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ගණන් හිලව්, බොරු බව පවසමින්, රටේ මන්දපෝෂණය නැති බවට පෙන්වන්නට උත්සාහ කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනාත් එවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණා.

Read more

Local News