ධනුෂ්කගේ සිද්ධිය ගැන විමර්ශනයට කමිටුවක්

Share

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් විවිධ පුද්ගලික සාදවලට සම්බන්ධ වූ බවටත්, ඇතැම් ක්‍රීඩකයින් ගැටළු ඇති කරගත් බවටත් ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමද එම විශේෂ ත්‍රිපුද්ගල කමිටුව හරහා සිදුකෙරෙනු ඇති.

මෙලෙස පත්කර ඇති කමිටුව ලෙස,

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක
නීතිඥ නිරෝෂන පෙරේරා
නීතිඥ අසේල රැකව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ කමිටුව විසින් එම සිද්ධීන්ට අදාළව සිදුකරනු ලබන විමර්ශනයේදී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

Read more

Local News