සොලමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Share

සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News