කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කෙරේ

Share

ගමන් වාර 396 කින් කෙටි දුර ධාවනය වන දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

එමඟින් කාර්යාල දුම්රියවල ප්‍රමාදයන් ඇති වීම වළක්වාගැනීමත්, අනිකුත් දුරගමන් වාරවල කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමත් මෙහි අරමුණ බව හෙතෙම පැවසීය.

එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්,

ප්‍රධාන මාර්ගය -18
කැලණිවැලි මාර්ගය – 2
මුහුදුබඩ මාර්ගය – 8
පුත්තලම මාර්ගය – 2

Read more

Local News