ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම නිල හමුවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර සුහද පිළිසඳරක් පැවති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් යුකී යොකොහරී (Captain Yuki YOKOHARI) ද සහභාගී විය.

Previous articleඉන්දීය විදේශ කටයුතු ඇමති අද දිවයිනට
Next articleමැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට