පොළොන්නරුවේ ත්‍රිරෝද රථයකට වන අලි ප්‍රහාරයක්

Share

කොළඹ, මඩකලපුව ප්‍රධාන මාර්ගයේදී අද උදෑසන ත්‍රිරෝද රථයක්, වන අලි ප්‍රහාරයකට ලක් වුණා.

මින්නේරිය සිට හබරණ දෙසට ධාවනය වූ, ත්‍රිරෝද රථය, හබරණ, අඹගස්වැව ප්‍රදේශයේදී, මෙම වන අලි ප්‍රහාරයට ලක්වුණේ.

කෑම සොයා වන අලියා මාර්ගය අසලට පැමිණ ඇති අතර ත්‍රිරෝද රථයේ හිමිකරු ත්‍රිරෝද රථය මාර්ගයේ නවතා ඉදිරියට දිවගොස් තිබෙනවා.

පසුව ඔහු තම ජංගම දුරකථනයෙන් මෙම අලියා පහර දෙන අයුරු වීඩියෝ ගත කර තිබුණා.

මග දෙපස සිටින වන අලින්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙස ජනතාව කෙතරම් දැනුවත් කලද විවිධ ආහාර පාන ලබා දීම නිරන්තරයෙන් සිදුවන දෙයක්.

මේ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදු වෙනවා.

Read more

Local News