ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක්

Share

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000ක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට සහතික වී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason, දූත මණ්ඩල සාමාජික Zindani Mary, Yaccow Kabilau, Margarita Gaorodnitsky ඇතුළු ඊශ්‍රායල නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම වසරේදී පමණක් සාත්තු සේවිකාවන් දෙදහසක් බදවා ගැනීමට මෙලෙස එකගතාවය පළ කර ඇත.

ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බවද, පිරිමි සාත්තු සේවකයින් සදහා පවන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් බවද නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද එම නියෝජිත කණ්ඩායම ඉල්ලීමක් සිදුකර ඇත.

සාත්තු සේවක රැකියා සදහා බදවා ගැනිමේ ක්‍රමවේදය වඩාත් වේගවත් කිරීමේ වැදගත්කමද එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ. ඒ අනුව සාත්තු සේවක පුහුණුව සදහා බදවා ගැනීමේදී, රැකියා සදහා පිටත්ව යාමේ මූලික සුදුසුකම් සපුරා ඇත්ද යන්න පිළිබද සැලකිලිමත්වී, අදාල සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් පමණක් පුහුණුවට බදවා ගැනීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සහතික විය. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහතිත, වෘත්තීමය වශයෙන් පුහුණුව ලබාඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම විටම ඊශ්‍රායල් රැකියා අවස්ථා සදහා අවස්ථාව ලැබෙන බවද, වසරකට අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවද ඊශ්‍රායල් නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

Read more

Local News