රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණීමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බවත් වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින්ට විදේශ රැකියා සදහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ (16) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.