ඉන්ධන මිල සංශෝධනය කරයි

Share

ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 328 ක්.

ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 346ක් ලෙසයි.

ඔටෝ ඩීසල් මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 308ක් වනවා.

මේ අතර භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 09කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 236ක් වනවා.

Read more

Local News