පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චං විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.
මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත එම අමාත්‍යංශයේදී නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමෙ රෝග ,ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත් වේ.
ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය ඇමරිකානු ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලැබීය.