ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව අන්තර්ජාලයට මුදාහැරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළා.
ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.