මිලියන 11ක කේරළ ගංජා තොගයක් හමුදා භාරයට

Share

යාපනය මාමුනෙයි ප්‍රදේශයේ ඊයේ (19) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 35 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය, මාමුනෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ පාර්සල් දහඅටක් පරීක්‍ෂාවට ලක්කරන ලදි.

එහිදී, එම පාර්සල් දහඅටෙහි අසුරන ලද කේරළ ගංජා තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙසේ නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන11 කට අධික බවයි වාර්තා වන්නේ.

Read more

Local News