කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (25) දහවල් එලෙස මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.