කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ නව උපකුලපති හා ගුවන් හමුදාධිපති අතර හමුවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ නව උපකුලපති රියර් අද්මිරල් ධමිමික කුමාර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ උපකුලපති ධූරයට පත්විමෙන් අනතුරුව, පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වුණා.

එහිදි නව උපකුලපති තුමන් හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අතර නිළ හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුව තිබෙනවා.

ගුවන් හමුදාධිපති තුමන් විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උපකුලපති ධුරයට පත්විම පිළිබද නව උපකුලපති තුමන් වෙත සුභ පැතුම් එක්කල අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ ඉදිරි කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිම පිළිබදව ද මෙහිදි සාකච්ඡා කරන ඇති අතර අනතුරුව දෙපාර්ශවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුවක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleටෙලි වැකිය ආරම්භ කරන්නේ ඇයි?(VIDEO)
Next articleඉන්දියාවට ලකුණු 41 ක ජයක්