ගිය වසරට (2023) අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභාගය පැවැත්වේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 දා සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 තෙක් පැවැත්වීමටත් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
2024 වසරට අදාළව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා ඇත්තේ පැවැත්වීමට නියමිත අනෙකුත් විභාග සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි.