බෙන්තර ගඟේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්

Share

බෙන්තර ගඟේ ගමන් කල බෝට්ටු 02ක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදහන් වූවන් කළුවාමෝදර හා වැලිපැන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

දියේ ගිලී අතුරුදහන්වූවන් සොයා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

Read more

Local News