සියඹලාගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කෙරේ

Share

පොල්ගස්ඕවිට, සියඹලාගොඩ ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි. විහාරාධිපති පූජ්‍ය රන්පත්විල විමලරතන නායක ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව පුණ්‍යෝත්සවය සඳහා එක් විය. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ විසින් අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කරනු ලැබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ සඳහා ප්‍රථම පුෂ්පෝපහාරය සිදුකරනු ලැබීය. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ, ශාස්ත්‍රපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ ප්‍රමඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිිලකසිරි යන මහත්වරුන් සහ පළාත් මැති ඇමතිවරුන්, විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසී ජනතාව මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

Read more

Local News