ෆ්ලොයිඩ් සහ කෝනර් සුපිරි බොක්සිං සටන අගෝස්තු 26 වනදා!

Share

නොබිඳුණු බොක්සිං වාර්ථාවක් සහිත ෆ්ලොයිඩ් මයීවඩර් (Floyd Mayweather) සහ දෙවරක් UFC ලෝකශුරයා වන කෝනර් මැක්ග්රෙගොර් (Conor McGregor) යන දෙදෙනා තරග වදින බොක්සිං තරගය අගෝස්තු 26 දා ලාස් වේගාස්හි දී පැවැත්වෙනවා. මෙම බොක්සිං තරගය ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා තබන තරගය බවට පත්වනු ඇත.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ මැක්ග්රෙගොර් ” කෙදිනක හෝ බොක්සිං තරඟයකට මීට පෙර කිසිසේත්ම සම්බන්ධ වී නොමැති වීම සහ මේවෙතර් 2015 බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා තෙක් කෙදිනක හෝ තරගයක් පරාජය නොවී තිබීමයි.

අයර්ලන්ත ජාතික මැක්ග්රෙගොර් මිශ්‍ර සටන් කලාවේ ක්‍රීඩාවේ බරින් යුත් ලෝක ශූරයකු වුවද වයස අවුරුදු 16 සිට ඔහු තරඟකාරී ලෙස බොක්සිං ක්රීඩා කර නැත. මීට හාත්පසින්ම වෙනස්, මෙයිව්වෙදර් හැදින්වෙන්නේ මෙතෙක් ජීවත් වූ හොඳම ආරක්ෂක බොක්සිං ක්‍රීඩකයා ලෙසයි.

මෙම සටන ඉතිහාසයේ වටිනාම බොක්සිං සටන බවට සදහන් වන අතර, දළ වශයෙන් එය ඩොලර් මිලියන 500කට අධික මුදල් එතිරීමක් ලබා දෙනු ඇති බවටද සදහන් වෙන අතර සෙනසුරාදා මෙම සටන ජයග්‍රහිකයාට හිමිවන ශූරතා බැඳ පටියට (Winners Belt) , දියමන්ති 3,360 ක්, නිල මැණික් (sapphires) 600 ක්, මරකත මැණික් (Emeralds) 160 ක් සහ කැරට් 24 රත්රන් කිලෝග්රෑම් 3.3 ක රත්රන් අඩංගු වන බවද වර්ථාවනවා.

Read more

Local News