ජනපතිට අමාත්‍ය මණ්ඩලය සහාය විය යුතුයි

Share

ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමාත්‍ය මණ්ඩලය සිය සහයෝගය ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

 

රත්නපුර ගොඩකවෙළ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනතාව හමුවේ තිබූ පොරොන්දු සියල්ල ඉටු කරන්න පුළුවන්නම් එතුමා ඒකට සාදනීය මැදිහත්වීමක් වෙනවා නම්. සාදාරණයක් ඉටු කරනවා නම්. රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්.

ඒ නිසා අපි හිතනවා එතුමා ඒ කාර්ය කරන්න යම් උත්සහයක් දරනවා. හැබැයි අපිට ඒ වගේම පේනවා මේ ඉන්න අමාත්‍යවරු ඒ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් සහය ලබාදීමට උත්සහ කරන්නේ නෑ.“

Read more

Local News