කාන්තාර පළගැටියා ශ්‍රී ලංකාවට ?

Share

අප්‍රිකානු කලාපයේ රටවල් රැසකට බරපතල වසංගතයක් ලෙස ව්‍යාප්තව වී භෝග වගාවන් වනසන කාන්තාර පළගැටියා ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිනිමේ දැඩි අවදානමක් ඇති බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂීකර්ම අධක්ෂ සනත් එම් බංඩාර මහතා අනතුරු අගවමින් පවසයි.

 

සහකාර කෘෂීකර්ම අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම කාන්තාර පළගැටියා මේ වන විට අප්‍රිකානු කාලාපයෙන් බැහැරව ඉන්දියාව හා පාකිස්ථාන් දේශසිමා අතර වු රාජස්ථාන් සිමාවන් වන සිටින බවට වාර්තා වන බවයි.

මේ හේතුවෙන් ඉදිරි ඊසාන දිග සුළං ආරම්භ විමත් සමඟ මෙම අප්‍රිකානු කාන්තාර පළගැටියා මුලතිව් හෝ මඩකලපුව මුහුදු කලාපයෙන් රට තුලට පැමිනිමට බෝහෝ දුරට ඉඩ ඇති බවට වාර්තාවෙයි.

දිගින් සෙන්ටිමිටර් පහකටත් වඩා කුඩා මෙම කාන්තාර පළගැටියා එක් වරකට බිජු 50 කට ආසන්න සංඛ්‍යාවක් පස තුළට දමන බව කියයි.

එසේම දිනකට කිලෝ මිටර් 150 කට ආසන්න දුරක් පියඹා යාමේ හැකියාව ඇති මෙම කාන්තාර පළගැටියාට මිටර් 2000 වැඩි උසකින් පියාඹා යාමේ හැකියාව පවතියි.

මෙම කාන්තාර පළගැටියා අප්‍රිකානු කලාපයේ සෝමාලියාව ඇතුළු රටවල් රැසක භෝග වගාවන් වනසමින් ලක්ෂ ගනනින් සැරිසරන බවත් මර්ධනය කිරීමට දැවැන්ත කාර් ය භාරයක නිරත විමට සෝමාලියානු රජයට සිදුවු බව විදෙස් මාධ්‍ය පවා වාර්ථා කර තිබුනී.

මේ නිසාම මෙම තත්ත්වය පිළිබදව ගොවින් සහ ජනතාව දැනුවත් කිරීමට ඊයේ  (17) සිට කෘෂිකර් ම දෙපාර්තුමේන්තුව කටයුතු කල බව සහකාර කෘෂීකර්ම අධ්‍යක්ෂ සනත් එම් බංඩාර මහතා වැඩි දුරටත් පවසයි.

මෙම අප්‍රිකානු පළගැටියා විවිධ භෝග වර්ග 200 කට අධික ප්‍රමානයක් ආහාර ලෙස ගන්නා බවත් ගස්වල පොතු පවා ආහාරයට ගැනිම නිසා පාලනය තරමක් අසිරු තත්ත්වයක් විය හැකි නිසා රට තුලට එමට පෙර ඒ සදහා පෙර සුදානම වැදගත් බව කෘෂීකර්ම අධ්‍යක් වරයා පවසයි.

Read more

Local News