ගුවන්තොටුපළේ යළිත් පැනවෙන සීමාවන්

Share

අද (04) සිට යළි විදෙස්ගත වීමකදී ගුවන් මගියා සමග තවත් 5කට ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තය දක්වා ගමන් කිරීමට ලබාදී තිබූ අවස්ථාව සීමාකර තිබේ.

 

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ විදෙස්ගත වීම් සඳහා පැමිණෙන ගුවන් මගියා පමණක් ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුළුවීය යුතු බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම තීරණය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන අතර එමෙන්ම කොවිඩ් වසංගතයට මැදිවී සිට පසුගිය දිනවලදී දිවයිනට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අයට ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලදී ගැනීමට ලබාදී තිබූ අවස්ථාව අද දහවල් සිට නවතා දැමුණි.

එම තීරණයත් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read more

Local News