විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා යළි අරඹයි

Share

අද(11) දිනයේ සිට විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය නැවත ආරම්භ කරනු ලබන බව විදේශ සේවා අමාත්‍යංශය සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනය කර තිබේ.

 

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සතියේ වැඩ කරන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් එම සේවා සැපයෙන බව අදාල නිවේදනයේ සදහන් වෙයි.

ඒ අනුව කොන්සියුලර් අංශයට පැමිණීමට පෙර ජනතාව විසින් වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය වන බවත් 0112 338 812 දුරකථන අංකය ඔස්සේ සේවාවන් සදහා වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින බවද සඳහන් කර තිබේ.

Read more

Local News