කොවිඩ් වෙෙරසයට එරෙහි ෆයිසර් එන්නත නත්තලට කලින් බෙදා හරින්න සුදානම්

Share

ඇමෙරිකාවේ ෆයිසර් – බයෝ එන්ටෙක් කොරෝනා එන්නත බෙදා හැරීම නත්තලට පෙර සිදුකළ හැකි බව නිෂ්පාදන සමාගම නිවේදනය කර තිබේ.

 

තම එන්නත සියයට අනූපහක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව අවසන් අධ්‍යයන තුළින් හෙළිව තිබෙන බවත් එමෙන්ම ඇමෙරිකාවේ මොඩර්නා සමාගමේ කොවිඩ් එන්නත සියයට අනූපහක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට පවා සියයට අනූපහකට ආසන්න ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි නවතම අධ්‍යයන වලින් අනාවරණය වි තිබේ.

මේ වන විට ලොවපුරා ව්‍යාප්ත වෙම්න් පවතින කොරෝනා වෙෙරසය පාලනයට ජර්මනියේ බයෝ එන් ටෙක් හා ෆයිසර් යන සමාගම විසින් නිපදවූ එන්නත, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා යොමුකිරීමට සූදානම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙය “විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්” ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් සදහන් කර ඇත.

රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර අදාල එන්නත පිළිබඳ මේ වන තෙක් ගැටලුවක් පැන නැගී නොමැති බව වාර්තා වෙයි.

මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එන්නත අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග – සාර්ථක ප්‍රතිකාර එක්ව යන – එන්නතක් බව හඳුනාගෙන තිබේ.

එන්නත් දුසිමක් පමණ ඒවායෙහි අවසන් අදියරවල අත්හදා බැලීමෙහි යොදවා ඇති අතර ඉන් පළමු වරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී ඇත්තේ මෙම එන්නතයි.

මෙය සම්පූර්ණයෙන් ම පර්යේෂණමය ප්‍රවේශයක් – වෛරසයේ ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීමද ඇතුළත් – වන අතර එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම අපේක්ෂා කෙරේ.

අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දෙන අතර එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත.

මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer පළ කරයි.

කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය.

ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් ද ගැටලු පවතී.

“මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට සහය විය හැකි, වඩා අවශ්‍යව තිබූ සොයා ගැනීම ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ ඉතා සුවිශේෂී ආසන්න පියවරට අප ළඟා වී සිටිනවා” යැයි Pfizer හි සභාපති ආචාර්ය ඇල්බර්ට් බොර්ලා පැවසීය.

BioNTech හි සමාරම්භකයෙකුවන මහාචාර්ය උගුර් සහීන් මෙම ප්‍රතිඵලය පෙන්වා දුන්නේ “සන්ධිස්ථානයක්” ලෙසිනි.

එක්සත් රාජධානිය මේවන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ.

Read more

Local News