චීන මෝටර් රථ වෙළඳපොළේ නව බලශක්ති වාහන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යමින් පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ අලෙවි වූ මෝටර් රථ අතරින් 64.3%ක් නව බලශක්ති වාහන බව කර්මාන්ත දත්ත මගින් අනාවරණය වේ. චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය නිකුත් කළ දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේ පැවතියේ 61.6%ක ප්රතිශතයකි. ඒ අනුව ඔක්තෝබර් මාසයේ එම අගය ඉහළ ගොස් ඇත.
මේ වසරේ මුල් මාස 10 තුළ අලෙවි වූ නව මෝටර් රථ අතුරින්, නව බලශක්ති වාහනවල සමස්ත ප්රතිශතය 54.8% දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසයේදී චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 2.02ක් පමණ වූ අතර අලෙවිය මිලියන 1.94ක් පමණ විය. එම අගයන් දෙකම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 13%ක වර්ධනයක් ළඟා කරගෙන ඇත.
Share
Read more



