දියවැඩියාව හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ

Share

අද ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු අතර දියවැඩියා රෝගය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. මෙහි තවත් භයානක පැතිකඩක් වශයෙන් තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීම පෙන්වා දිය හැකියි. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය, මානසික ආතතිය මෙම ප්‍රතිශතය වසරින් වසර වැඩි වීමට හේතු වී ඇත.

දියවැඩියා රෝගය යනු ?

මිනිස් සිරුරේ අග්න්‍යාශයේ ලැන්ගර්හැන්දීපිකා (බීටා) සෛල මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය කිසිසේත්ම නිපද නොවීම, ශරිරයට අවශ්‍ය ප්‍රමාණයට නිපද නොවීම සහ ඉන්සියුලින් ක්‍රියාකාරී සෛල එයට ප්‍රතිරෝධීතාවය දැක්වීම, මෙම රෝගය ඇති වීමට ප්‍රධාන ලෙස බලපායි.

මෙම හේතුව නිසා රුධිරයේ ඇති සීනි (ග්ලුකෝස්) ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා දිර්ඝ කාලයක් නිරන්තරයෙන් ඉහළ යාම මෙලෙස හඳුන්වන්න පුළුවන්. මීට අමතර ව සමහර ඖෂධ වර්ග, ජානමය හේතූන් මත, සමහර වෛරස් රෝග නිසා, ඉන්සියුලින් ප්‍රතිරෝධි හෝමෝන නිසාත්, අග්න්‍යාශයේ වෙනත් විවිධ රෝග නිසාත් මෙම රෝගය වැලඳෙන අවස්ථා දැකගත හැකිය.

Pathetic Man Cries When He's Upset Rather Than Screaming At 3-Year-Old Son  To Shut The Fuck Up | Family - Parents

වයස අවු. 45ට වැඩි නම්, තරබාරු අය, පවුල් ඉතිහාසය, ව්‍යායාම අඩු අයට, හෘද රෝග, අධිරුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇති අයට, මානසික ආතතියට, ක්ෂය රෝගය ඇති අයට, ගර්භණී සමයේ දියවැඩියාවට ගොදුරු වූ අයට, උපත් බර ඉතා වැඩි හෝ අඩු අයට, විටමින් D ඌනතාවය ඇති අයට, අයහපත් ආහාර රටාවක් ඇති අයට, අධික දුමි පානය කරන අයට, පූර්ව දියවැඩියා අවස්ථාවේ සිටින අයට දියවැඩියා රෝගය වැළඳීමේ අවදානමක් තිබෙනවා.

දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස,

  1. අධික ලෙස මුත්‍රා පිටවීම හා අධික පිපාසය.

රුධිරගත සීනි මට්ටම වැඩිවීමෙන් මුත්‍රා සමඟ ග්ලුකෝස් පිටවීම සිදුවෙන අතර ග්ලුකෝස් සමඟ ජලය පිටවෙන බැවින් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දියැවැඩියා රෝගියෙකුට මතුවේ.

සිරුරේ තිබෙන වතුර වැඩිපුර පිටවීමේ ප්‍රතිඵලයක් ලෙසට අධික පිපාසය ඇති වීම ද සාමාන්‍ය පරිදි සිදු වේ.

  1. අසාමාන්‍ය ලෙස බර අඩුවීම දියවැඩියාවෙන් පෙළීමේ දී කෑම රුචිය තිබියදී ම ශරීරයේ බර අඩුවිය හැකියි.
  2. ඇසේ පෙනුම අඩු වීම හෝ ඇසේ පෙනුම බොඳවීම
  3. අතපයවල ඇති වෙන හිරි ගතිය (දියවැඩියා රෝගය ස්නායුවලට සිදුකරනා බලපෑමෙන් මෙම තත්ත්වය ඇති වේ)
  4. කල් පවතින සුව නොවනා තුවාල.

සාමාන්‍යයෙන් ඇතිවන තුවාලයක් සතියකින් දෙකකින් සුව වුව ද දියවැඩියා රෝගියෙකුට ඇතිවන සුළු හෝ තුවාලයක් සුවවීමට කල්ගත විය හැකිය. රුධිරගත සීනි මට්ටම වැඩිවීම බැක්ටිරියා වර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැගෙන බැවින් මෙවැනි තත්ත්වයට හේතු වේ. තවද දියවැඩියා රෝගින්ගේ සිරුරේ කේෂ නාලිකාවල රුධිර ගමනය අඩුවීම ද තුවාල සුවවීම පමාවීමට හේතුවකි.

  1. අධික තෙහෙට්ටුව

ආදී රෝග ලක්ෂණ දැකගත හැකිය.

දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ. රටේ අස්සක් මුල්ලක් නෑර වාර්තා වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමට දිගුකාලීනව පවතින මෙම දියවැඩියා තත්ත්වය සෘජුවේ බලපානු ලැබේ.

දියවැඩියාව Type one සහ Type two යනුවෙන් දෙයාකාර වේ. Type one දියවැඩියා තත්ත්වය තරුණ අවදියේ පසුවන්නන් අතර සුලබ වන අතර Type two බොහෝවිට වයස්ගත පුද්ගලයන්හට වැළඳෙන තත්ත්වයකි.

Type one දියවැඩියා තත්ත්වය නිශ්චය කරන මොහොතේදී වකුගඩුවට හානි කිරීම දුලබ තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසර 10ක් 15ක් ගත වන විට වකුගඩුවට බලපෑම් එල්ල කළ හැකිය.

Type two තත්ත්වය නිශ්චය කරන මොහොත වනවිටත් සමහරුන්ගේ වකුගඩුවලට හානි පමුණුවා තිබිය හැකියි. ඇතැම් විට පුද්ගලයකුට වකුගඩු රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන අවස්ථාව වනවිට වකුගඩුව අකර්මණ්‍යව තිබිය හැකියි.

දියවැඩියා තත්ත්වය වැළැක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස,

සෑම කෙනෙකුම යහපත් ආහාර රටාවන්, නිසි ව්‍යායාම, මානසික යහපැවැත්ම, අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබා ගැනීම, නිසි කලට අවශ්‍ය රුධිර පරීක්ෂාවන් සිදුකිරීම, දුම් පානයෙන් වැළකීම සහ ඉහත සඳහන් සියලු අවදානම් පුද්ගලයන් සඳහා දියවැඩියාව හඳුනා ගැනීමේ පූර්ව පරික්ෂාවන් සිදුකිරීම, මෙය නිසි ලෙස වළක්වා ගත හැකියි.

දියවැඩියා රෝගය පාලනය කිරීමට නම්,

  1. වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ඖෂධ භාවිතා කිරිම.
  2. නිවැරදි ආහාර රටාවන් අනුගමනය කිරීම සහ පාලනය කිරීම.
  3. නිසි අයුරින් සුදුසු ව්‍යායාමයක නිරත වීම.
  4. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය පරීක්ෂා සිදුකිරීම හා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම නොකඩවා සිදුකිරීම.
  5. මානසික ආතතිය අවම කිරිම.

දියවැඩියාව වළක්වන ආහාර

අපේ ජීවන පුරුදු හා ආහාර ගැනීමේ රටාවන් නිසා තමයි දියවැඩියාව කියන රෝගය අපට වැළඳෙන්නෙ. ඉතින් අප ගන්නා සමහර ආහාරයන් මේ දියවැඩියාව ඇතිවන්නට හේතු වෙනවා වගේම සමහර ආහාර දියවැඩියාව අඩු කරන්නට හේතු වෙනවා. දියවැඩියාව වළක්වන ආහාර වර්ග හා ඒවා දියවැඩියාව වළක්වන ආකාරය මෙසේය.

තිත්ත නැතිව කරවිල කන්නෙ කොහොමද? | Page 2 | තරුණී

කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවළුවක්. කරවිල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. කරවිලවල අඩංගු සමහර සංයෝග මගින් රුධිරයේ පවතින වැඩි සීනි ප්‍රමාණය සෛලවලට අවශෝෂණය වීම සිදුවේ.

කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, කරවිල පානය ලෙස කරවිල ඔබට ආහාරයට ගත හැකිය. දියවැඩියාව තියෙනවා නම් කරවිල යම් ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.

නිරෝගී වෙන්න අලිගැටපේර කන්න | දිනමිණ

අලිගැටපේරවල ඇති ඒක සංතෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩුකරමින් ආහාරවේලකින් පසුව අපේ රුධිරයේ ඇති සීනි මට්ටම එකපාරටම වැඩිවීම පාලනය කරයි. අලිගැටපේර තුළ අඩංගු හිතකර මේද මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිවේ. අලිගැටපේර මගින් රුධිරයේ අධික සීනි ප්‍රමාණය අඩු වේ. මෙම හේතුන් නිසාවෙන් අලිගැටපේර දියවැඩියාවට ඉතා හොද ආහාරයක් ලෙස හැඳින්විය හැක.

No photo description available.

සුදු හාල් වෙනුවට බාර්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති සීනි 70% කින් අඩු කරගත හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අනෙක් ආහාර මෙන් බාර්ලි ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම එකපාරට ඉහළ නොනගින අතර, බාර්ලි මගින් රුධිර සීනි මට්ටම පාලනයක තබාගන්නවා. කැඳ විදියට වුණත් බාර්ලි ආහාරයට ගන්නට ඔබට පුළුවනි.

7 Pre-Happy Hour Foods That Prevent Hangovers — Eat This Not That

මල්ගෝවා යනු දියවැඩියාව අඩු කරන රසවත් එළවළුවකි. ගෝවාමල්වල ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝටීන්, විටමින් සී, පොටෑසියම් හා ෆොලේට් යන ඒවා ඉතා හොඳින් අන්තර්ගතයි. ප්‍රෝටීන් බහුල වන ගෝවාමල් දියවැඩියාවට ඉතා හොඳ ආහාරයකි.

කැරට් යුෂ පානය කිරීමෙන් ලැබෙන ගුණ 20 ක් - Lanka Ayurveda

කැරට්වල සීනි අඩංගු වන්නේ බොහොම අඩු ප්‍රමාණයකි. කැරට්වල බහුලව ඇති බීටා කැරොටින් මගින් දියවැඩියාව පාලනය කරන අතර රැධිරයේ සීනි මට්ටම අඩු කරන්නට ද උදව් වෙනවා.

Easy hacks to identify fake olive oil | The Times of India

ඔලිව් තෙල් – හිතකර මේදය ඇති හෙයින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින් දියවැඩියාව අඩු කරන්නට ඔලිව් තෙල් උදව් වෙනවා.

කෙඳි සහිත ආහාර සෑම වේලකටම එක්කර ගැනීමෙන් අන්ත්‍රයෙන් ග්ලූකෝස් අවශෝෂණය වීම පාලනය වී ක්ෂණිකව රුධිර සාන්ද්‍රණය ඉහළ යාම වළකී. ඔෙම්ගා 6 හා ඔෙම්ගා 3 මේද අම්ල 4:1 අනුපාතයට ලැබෙන ලෙස ආහාර හා ආහාර අතිරේක භාවිතා කිරීම රෝගය පාලනයට හා සංකූලතා වැළැක්වීමට උපකාරී වේ.

Read more

Local News